Friday, November 13, 2015

මිනිහෙක් දවසකට කී පාරක් සෙක්ස් ගැන හිතනවද?


බොරු කියන්නේ මොකටද\ මං නම් සිංහල බ්ලොග්වලින් කියවන්න වැඩියෙන්ම කැමති විවිධාකාරයේ කතන්දර තියෙන බ්ලොග් තමයි. කාලීන දේශපාලන කරුණු ගැන සාකච්ඡා කෙරෙන ලිපි කියවන්නේ ඊ-ලඟටයි. කවි කෙසේ වෙතත්\ කයි-කතන්දර කියවීම මගේ දුරස්ත වූ තුන්වැනි මනාපය කියලා කියන්න පුළුවනි. කොච්චර වැදගත් වගේ පෙණුනත් ලෝකය ගැන දැනුම ලබා දෙන බ්ලොග් ලිපි නං මං කියවන්නේ ඉතාමත් අඩුවෙන් බව පැහැදිලියි.

මේකට හේතුව ඒ දැනුම සපිරි බ්ලොග්චල අන්තර්ගතයේ තියෙන වරදක් හෙම නං නෙමේ. බ්ලොග් කියවන්න ගතකරන හැම විනාඩියෙන්ම උපරිම ආතල් එක ගැනීමේ අරමුණ නිසයි ඒ දැනුම වඩන බ්ලොග් කියවෙන්නේ නැත්තේ.ඒ මිසක් ඔය කියන නවීන විද්‍යාත්මක පරීක්‍ෂණ\ සමාජ අධ්‍යයන සමීක්‍ෂණ\ පුරා විද්‍යාත්මක ගවේෂණ ඇතුලු විවිධ අරළු බුලු කටුකරෝසන ගැන මගේ හිතේ තියෙන සාමාන්‍ය කැමැත්තේ අනිත් අයට වඩා තියෙන අඩුවක් නම් නැතිව ඒ එක්කම කියන්න ඕනෑ.ඒ හින්දම තමයි\ වැදගත් කාරණයක් ගැන කෙරුණු එක්තරා සමාජ සමීක්‍ෂණයක් ගැන ප්‍රවෘත්තියක් පත්තරේකින් දැකල කියෙව්වට පස්සේ මට වහාම ඒ ගැන කතන්දර බ්ලොග් එකට ලියල දාන්න හිතුනේ.ෆමේපුවත්පත් වාර්තාවේකියවෙන විදියට මේ සමාජ සමීක්‍ෂණය පවත්වලා තියෙන්නේ මිනිස් මොලයේ සිතුවිලි ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරන ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයින් පිරිසක්. මේ සඳහා සහභාගී වෙලා තියෙනවා විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන වයස අවුරුදු 18 සහ 25 අතර සිසුන් 300 දෙනෙක්.පර්යේෂකයෝ මේ සිසුන්ට කියලා තියෙනවා තමන් ගේ සිතට ආහාර ගැන\ නින්ද ගැන සහ සෙක්ස් ගැන සිතුවිලි දවස පුරා එන වාර ගණන සටහන් තියා ගන්න කියලා.සමීක්‍ෂණයේ මූලිකම හොයා ගැනීම තමයි පිරිමින් ගැහැණුන් ට වඩා මූලික භෞතික අවශ්‍යතා ගැන හිතන බව.මේ අතරින් මුල් තැන ගන්නේ සෙක්ස් :ීැං- ගැන සිතීමයි

.හරි පුදුමයි නේදරෑ මට නං විශ්වාස කරන්නත් අමාරුයි අමාරුයි වගේ.සාමාන්‍යයෙන් පිරිමියෙක් දවසකට 19 පාරක් සෙක්ස් ගැන හිතනවාලු`හැබැයි පිරිමින් සාමාන්‍යයෙන් කෑම ගැනත් හිතනවාලු 18 පාරක්.ලේඩීස් කට්ටිය ගේ සිතුවිලිවල බ්රේක් ඩවුන් එක නං මීට වඩා ටිකාක් විතර වෙනස්.ඒ ගොල්ලෝ සාමාන්‍යයෙන් දවසකට 15 පාරක් නින්ද ගැන\ 10 පාරක් සෙක්ස් ගැන සහ නම පාරක් කෑම ගැන හිතනවලු`-කතන්දරකාරයාපරැලි:මම නං අද දවසේ වැඩිපුරම පාරක් හිතුවේ මේ වගේ වැදගත් සමාජ සමීක්‍ෂණ ගැන හොයලා බලලා\ ඒවා කියෝලා\ පස්සේ ඒවා ගැන බ්ලොග් එකට ලියන එක ගැනයි.මගේ මේ සැලසුම් සාර්ථක වුනොත් කතන්දර බ්ලොග් එක ටික ටික මහා දැනුම් සාගරයක් බවට පත්වෙයිද මන්දාරෑ මල කෙලියයි`

No comments:

Post a Comment