Friday, November 13, 2015

ලිංගික ජිවිතයේ වර්ධනයට සෑම පිරිමියෙකු විසින්ම අභ්‍යාසයේ යෙදිය යුතු ව්‍යායාමයන් 4ක්


ශරීර සෞඛ්‍ය වර්ධනය කිරීම හා නිරෝගිමත් දිවිපෙවතක් උදෙසා ව්‍යායාම වල නිරතවීම හා ඉතා හරවත් ශිල්පිය ක්‍රම මගින් සිරුරේ හැඩය, නම්යශීලීත්වය වැඩි දියුණු කිරීම, තම ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉවසීම හා දරාගැනීම අධිෂ්ඨානය ඇතිකර ගැනීම, ලිංගික ශක්තිය වැඩි දියුණු කිරීම උදෙසා 
ඇමරිකානු ජාතික කායික විද්‍යාඥයෙකු වන පීට් මැක්කෝල් මහතා විසින් ස්වකීය අධ්‍යනයන් ගෙන තහවුරු කරගත්

අත්‍යවශ්‍ය ව්‍යායාම අභ්‍යාසයන් පිළිබද අවදානය යොමුකිරිම වැදගත් වේ.

1. බර එසවීම

වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ශරීරයේ ශක්තිය වර්ධනය කිරීමට හා පුරුෂ ලිංගික හෝමෝනයක් වන ටෙස්ටෝස්රෝන් නිපදවීමට ඉතා වැදගත් ව්‍යායාම අභ්‍යාසයකි මෙහිදී ඔසවන බර මගින් මස්පිඩු ශක්තිමත් වීම, උරහිස් පළල් වීම, පපුව වර්ධනය වීම මේදය දහනය වීම නිසා ශරීරයේ ඉහල කොටසේ සවිබලය වැඩිකරනු ලබයි.

2. යෝග අභ්‍යාස ක්‍රමය

ඉතා වෙනස් ඉරියවුවකින් ශරීර අභ්‍යාස වල නිරතවීමට යෝග ව්‍යායාම ඉතා වැදගත් වේ. මෙම ව්‍යායාම මගින් වැඩි නම්‍යශීලීත්වයක් ශරීරයට ලබාදීම මගින් සංසර්ගයේදී ඉතා පහසුවෙන් ශරීරයේ ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය සිදුවන බැවින් වැඩි වෙහෙසක් හා ශක්තියක් වැය නොකරමින් යටි බාහු වල හා වැලමිට ප්‍රදේශ ආශ්‍රිත සමබරතාවයද රදවාගැනීමට හැකිවේ.

3. වේගයෙන් ඇවිදීම

දිනකට අවම වශයෙන් කිලෝමීටර් 2ක් පමණ වේගයෙන් ඇවිදීම තුලින් අසන්න වශයෙන් කැලරී 200ක් පමණ දහනය කරගැනීමේ හැකියාව තිබේ. ලේ ගමනාගමන මැනවින් සිදුකිරීම ලේ නහර වල මනා ක්‍රියාකාරිත්වයක් ඇති කිරීම හදිසි හෟද ආබාධ වලක්වාගැනීමට හැකියා ඇත.

4. පිහිනීම

හොදින් ඉවසීම පුරුදු කරන ශරීරයේ සියළුම ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරිත්වය එකවර සිදුකිරීම හා ශක්තිමත් කිරීම මගින් සිරුරට ලැඛෙන ප්‍රධාන වාසියයි. පිහිනීම අවම වශයෙන් සතියකට තුන් වරක් මිනිත්තු 30ක් පමණ අභ්‍යාසයේ යෙදීමෙන් ශරීර ශක්තිය වර්ධනය කිරීමට ඛෙහෙවින් හේතු වේ. ලිංගික ශක්තිය වර්ධනයට හා සිරුරේ බර අඩුකරගැනීමටද උදවු වේ.

No comments:

Post a Comment