Sunday, November 15, 2015

දරුවන් නැතිවීමේ වැඩි වරද පිරිමින්ගේ ?


ශුක්‍රාණුවල සෞඛ්‍ය සම්පන්න වර්ධනයට හොඳ ආහාර වේලක් අවශ්‍ය බව පෝෂණවේදීනි ඉසඛෙලා ඕබර්ට් පවසන්නීය.

පුරුෂයන් පස් දෙනෙකුගෙන් එක් කෙනෙකුගේ ශූක්‍ර තරළය තුල අවශ්‍ය තරම් ශුක්‍රාණු ප්‍රමාණයක් නොමැති බව වෛද්‍යවරු පවසති. සාමාන්‍යයෙන් ශුක්‍ර තරළය මිලිලීටර් එකක ශ්‍රක්‍රාණු මිලියන 15ක් තිබිය යුතු වුව ද

එවැනි ප්‍රමාණයක් නැති සංඛ්‍යාව සියයට 20කි.

විවාහපත් ජෝඩු හයකින් එක් ජෝඩුවකට දරු සම්පත් නැත. එයට ප්‍රධාන හේතුව වන්නේ ද පිරිමින්ගේ ශුක්‍ර තරලයේ අඩු ශුක්‍රාණු ප්‍රමාණයක් තිබීම හෝ දුර්වල මට්ටමේ ශුකාණු තිබීමයි.

කෙසේ වෙතත් ඕබර්ට් මහත්මිය පර්යේෂණයක් මගින් පෙන්වා දි ඇත්තේ පුරුෂයන්ගේ ශුක්‍රාණුවල තත්වය එහි ප්‍රමාණයට වඩා වැදගත් බවයි.

මේ දුර්වලතාවට ප්‍රධාන හේතුව වන්නේ දුර්වල පෝෂණය, දුම්බීම සහ පරිසර දූෂණය, සහ ශරීරය තුල ඇති දුර්වල විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලියයි.

කරල් බෝග ධාන්‍ය වල සිට කළු චොකලට් දක්වා පුරුෂ සඵලත්වයට හොඳම ආහාර ලෙස පර්යේෂණ මගින් තහවුරුකර තිබේ.

තක්කාලිවල අඩංග ලයිකොපේන් මගින් ශුක්‍රාණුවල පිහිනීමට ඇති හැකියාව වඩාත් ශක්තිමත් කරයි.

වෝල්නට් ඔමෙගා තුන මේද අම්ලයෙන් පොහොසත්ය. ඉන් ශුක්‍රාණුවල පිහිනිමට ඇති හැකියාව, එහි ප්‍රමාණය සහ හැඩය සුරැකිව තබා ගැනීමට උපකාරිවේ. මේවා රුධිරයේ සීනි මට්ටම පාලනයටද උපකාරිවේ.

වට්ටක්කා ඇට සින්ක් නැමැති ලෝහයෙන් අනුනය. එමගින් ශුක්‍රාණු වර්ධනය සහ ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනයට මහඟු දායකත්වයක් ලබාදේ.

මයිසුර් පරිප්පුවල ෆෝලේට් නැමැති සංයෝගය අඩංගුය. එනම් ස්වාභාවික ෆෝලික් ඇසිඩ්ය. මෙය පුරුෂයන්ගේ මෙන්ම ස්ත්‍රීන්ගේ දා සරුබව වැඩිකිරීමට උපකාරීවන්නකි.

මෙම ආහාරයේ ප්‍රෝටීන් සහ කෙඳිති වලින් පරිපුර්ණය වේ.

නිල් පැහැති ඛෙරිවල අඩංගු රසායනිකයක් ශුක්‍රාණුවල පිහිනීමේ හැකියාව සහ එහි තත්වය වර්ධනය කරණ බව පෙන්වාදි තිබේ.

ඇති තරම් පිරිසිදු ජලය පානය මගින් ශුක්‍රාණු ගණනය වැඩි කල හැකි සරළම ක්‍රමයයි.

දෙළුම් කෑමෙන් ශුක්‍රාණුවල තත්ත්වය වඩාත් ගුණාත්මක කරයි.

කළු පැහැති චොක්ලට්වල අඩංගු ඇමයිනෝ අම්ල වලින් ශුක්‍රාණුවල විසර්ජන ධාරිතාව, ඒවායේ ගණනය සහ පිහිනීමට ඇති හැකියාව ඉහළ දමයි.

No comments:

Post a Comment