Saturday, July 23, 2016

පිරිමින්ට ස්වයං වින්දනයෙන් ලැඛෙන සෞඛ්‍යමය වාසිය පිළිකාවෙන් බේරෙන්න අත්වැඩ

සෑම දිනකම ස්වයං වින්දනයේ යෙදෙන පුද්ගලයන්ට පුරස්ථී ග්‍රන්ථීය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අඩු බව විශේෂඥයන් පවසයි.

ස්වයං වින්දනය සහ පුරස්ථී ග්‍රන්ථීයේ වැළඬෙන පිළිකා ආශ්‍රිතව සිදුකළ අධ්‍යනයකින් අනතුරුව අනාවරණය වී ඇත්තේ වයස අවුරුදු 40ත් 49ත් අතර පිරිමින්ගෙන් මාසයකට අවම වශයෙන් 21ක් වතාවක් වත් ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට මාසයකට හතර පස් වතාවක් ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට වඩා පුරස්ථී ග්‍රන්ථී පිළිකා ඇතිවීමේ අඩු අවධානමක් පවතින බවයි.

මේ පරීක්ෂණය සඳහා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ඒකකය වසර 18ක් පුරා පිරිමින් 32000ක් පමණ යොදාගෙන තිබේ. පරීක්ෂණය කරන අතරතුර පවා පරීක්ෂණයට යොදාගත් පිරිසෙන් පුද්ගලයන් 3038ට පුරස්ථී ග්‍රන්ථී පිළිකා වැළඳී ඇත.

මේ අනුව අනාවරණය වී ඇත්තේ සාමාන්‍යයෙන් ස්වයං වින්දනයේ වැඩිපුර යෙදෙන පිරිමියෙකුට එම අවධානම අඩු බවයි.

මීට අමතරව ජිවන විලාසය සහ ආහාර රටාවද අනුව මෙහි වෙනසක් සිදු විය හැක.

මේ වනවිට මේ විශේෂඥ පිරිසගේ අවධානය යොමුව ඇත්තේ ස්වයං වින්දනයේ යෙදෙන්නන් සඳහා පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත පිළිකා ඇති නොවීමට බලපාන හේතුව සොයා බැලීම සඳහායි.

පිරිමින් අතර දක්නට ලැඛෙන පිළිකා වර්ග අතරින් පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත පිළිකාව ප්‍රධාන තැනක් ගනියි. වාර්තාවන්ට අනුව ඇමරිකාව තුල පමණක් වසරකට 40000ක් පමණ මෙම රෝගයට අලූ‍තින් ගොදුරු වේ. මෙම පිළිකා වර්ගය ඉතා සෙමෙන් වැඩෙන අතර මුත්‍රාමාර්ගයේ අපහසුතා වලදී හඳුනා ගැනීමට හැකියි.

උදරය ඉදිරියට නෙරා ඇවිත්ද? අඩු කර ගන්න විදිහ මෙන්න

උදරය ඉදිරියට නෙරා යෑම බොහෝ දෙනෙකු පවතින ගැටලුකාරී තත්වයක් බව පැහැදිළි කරුණකි. මෙම තත්වය මග හැරීම සඳහා අනිවාර්‍යයෙන්ම ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ව්‍යායාම වලට අමතරව මේ සදහා අනුගමනය කළ යුතු තවත් පුරුදු කිහිපයක් ගැන මෙම ලිපියෙන් අවධානය යොමු කරනවා.

1. දෙහි යුෂ වීදුරුවකින් දවස ආරම්භ කරන්න.
ඉදිරියට නෙරා ආ උදරය අඩු කර ගැනීමට අනුගමනය කළ යුතු වැදගත්ම පියවරක් ලෙස මෙය හැදින්විය හැකිය. උණුවතුර වීදුරුවකට දෙහි යුෂ ස්වල්පයක් මිරිකාගෙන එයට ලුණු ටිකක් එක් කරගෙන පානය කළ යුතු අතර මෙය දිනපතා සිදු කිරීම මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවන් වේගවත් වී අමතර මේදය දහනය වී ඉදිරියට නෙරා ආ උදරය ක්ෂය වී යනවා.

2. සුදු බත් ආහාරයෙන් වැලකෙන්න.
සුදු සහල් වලින් තැනූ බත් වෙනුවට රතු සහල් වලින් තැනූ බත් හෝ ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා.

3. සීනි සහිත ආහාරයන් පාලනය කරන්න.
සීනි අධික ආහර සහ පැණි රස බීම මෙන්මඅධික තෙල් සහිත ආහාරයන් ලබා ගැනීමද අවම කළ යුතු වෙනවා. එයට හේතු වන්නේ එම ආහර මගින් උදරය වැනි ප්‍රදේශ තුළ අමතර මේදය ගබඩා කිරීම සිදු කරන නිසා ය.

4. හැකි පමණ ජලය පානය කරන්න.
මෙලෙස හැකි පමණ ප්‍රමාණවත් තරම් ජලය පානය කළ විට අමතර මේදය පාලනය වීම මෙන්ම ශරීරයේ නිපදවෙන විශ ශරීරයෙන් බැහැර වී පරිවෘත්තිය වේගය ඉහළ යාමට ද හේතු වෙනවා.

5. අමු සුදු ළූණු අනුභවය කරන්න.
පළමු පියවරෙන් සදහන් කළ දෙහි යුෂ පානය කිරීමට පෙරඅමු සුදු ළූණු ස්වල්පයක් හැපීමට හැකි නම් මෙම ක්‍රියාවලිය දෙගුණ කිරීමට එය හේතු වෙනවා. මෙමගින් ශරීරයේ රුධිර සංසරණය මෘදු සහ වඩාත් කාර්‍යක්ෂම වෙනවා.

6. මස් මාංශ අනුභවය හැකි පමණ අඩු කිරීම.
අනවශ්‍ය මේදය දහනය කිරීමට නම් මස් මාංශ අනුභවය සැලකිය යුතු ලෙස අවම කළ යුතු ය.

7. දිනපතා එළවලු සහ පළතුරු අනුභවය කරන්න.
මෙමගින් ශරීරය ප්‍රතිඔක්සිකාරක, කණිජ සහ විටමින් වලින් පරිපූර්ණ කෙරෙනවා.

8. කුළුබඩු යෙදූ සැර ආහර අනුභව කරන්න.
කුරුදු, ඉගුරු සහ ගම්මිරිස් වැනි කුළුබඩු එකතු කළ ආහර අනුභවය මගින් රුධිරයේ ඉන්සියුලීන් මට්ටම වැඩි කර සීනි මට්ටම අඩු කිරීමට හේතු වෙනවා.

ඔබට මෙම රෝග ලක්ෂණ තිඛෙනවාද? එහෙනම් පරිස්සම් වෙන්න.

ගැහැණු ළමයි පාවිච්චි කරන භයානකම වචන 9 සහ ඒවායේ තේරුම්

1. හරි දැන් ඒක ඉවරයි - ගැටුමක අවසානයේදී යොදාගන්න අතර මෙසේ කීමෙන් පසු කොල්ලා කටපියා ගැනීම හොඳය.

2. විනාඩි පහක් දෙන්න - කෙල්ල ඇඳුම් අඳිනවානම් මේ කියන්නේ පැය බාගයක් ගැනය.කොල්ලාට ගෙදර කෑම උයන්න උදව්වෙන්න කලින් විනාඩි 5ක් මැච් එක බලන්න කිව්වා නම් ඒ කියන්නේ හරියටම විනාඩි 5ක් ගැනය.

3. ඕන එකක් කරගන්න - මෙය අවසර දීමක් ලෙස වැරදියට වටහාගන්න එපා. ඔය කියන්නේ කරන්න එපා කියාය.

4. හ්ම්ම් - මේක වචනයක් නෙවෙයි වගේ පෙනුනත් කෙල්ලන්ගේ භාශාවේ වචනයක්ය . මේකේ සද්දේ වැඩි නම් ඇය හිතන්නේ ඔබ මෝඩයෙක් කියාය. නිකන් බොරුවට ඔයත් එක්ක වාද කරන එකේ පලේ මොකක්ද කියල ඇය හිතනවාය. නිකන් කියන එකේ තේරුම සඳහා අංක 9 බලන්න.

5. කමක් නෑ - කෙල්ලෙක් කොල්ලෙක්ට කියන්න පුලුවන් අතිශය භයානය වචනයකි. මෙහි තේරුම ඔබ කරන්න යන වැඩෙට දෙන්න හොඳ දඬුවමක් හිතන්න ඇයත් සෑහෙන්න හිතල බලන්න ඕනෑ කියන එකය.

6. තැන්ක් යූ - සිරාවටම ඇය කියන්නේ තැන්ක්යූ කියාය, වෙල්කම් කීම හොඳය. හැබැයි තෑන්ක්ස් අ ලොට් කිව්වනම් ඒ කියන්නේ කිංඩියටය. එආකට වෙල්කම් කියන්න එපා, කිව්වොත් ඔයට අංක 7 වේවි.

7. කැමැත්තක් - කෙල්ල කියන්නේ ඕන මඟුලක් කරගන්නවා කියාය.

8. කරදර වෙන්න එපා - තවත් එක් භයානක කියමනකි. කොල්ලට යමක් කරන්න කියා කීප සැරයක් කියත් නොකර සිටීමෙන් පසු ඇයම ඒ දේ කරගන්න යනවාය. මේකට මොකක්ද ප්‍රශ්නේ කියල අහුවොත් අංක 4 උත්තර ලෙස ලැබෙනවාය.

9. නිකන් - මේක හරියට කුණාටුවකට පෙර සංසුන් වෙන මුහුද වගේය. මොකක් හරි ගිණිගෙඩියක් පුපුරන්න ළඟය. මේකෙන් පටන් ගෙන ඉවර වෙන්නේ අංක එකෙන්ය.