Saturday, July 23, 2016

පිරිමින්ට ස්වයං වින්දනයෙන් ලැඛෙන සෞඛ්‍යමය වාසිය පිළිකාවෙන් බේරෙන්න අත්වැඩ

සෑම දිනකම ස්වයං වින්දනයේ යෙදෙන පුද්ගලයන්ට පුරස්ථී ග්‍රන්ථීය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අඩු බව විශේෂඥයන් පවසයි.

ස්වයං වින්දනය සහ පුරස්ථී ග්‍රන්ථීයේ වැළඬෙන පිළිකා ආශ්‍රිතව සිදුකළ අධ්‍යනයකින් අනතුරුව අනාවරණය වී ඇත්තේ වයස අවුරුදු 40ත් 49ත් අතර පිරිමින්ගෙන් මාසයකට අවම වශයෙන් 21ක් වතාවක් වත් ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට මාසයකට හතර පස් වතාවක් ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට වඩා පුරස්ථී ග්‍රන්ථී පිළිකා ඇතිවීමේ අඩු අවධානමක් පවතින බවයි.

මේ පරීක්ෂණය සඳහා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ඒකකය වසර 18ක් පුරා පිරිමින් 32000ක් පමණ යොදාගෙන තිබේ. පරීක්ෂණය කරන අතරතුර පවා පරීක්ෂණයට යොදාගත් පිරිසෙන් පුද්ගලයන් 3038ට පුරස්ථී ග්‍රන්ථී පිළිකා වැළඳී ඇත.

මේ අනුව අනාවරණය වී ඇත්තේ සාමාන්‍යයෙන් ස්වයං වින්දනයේ වැඩිපුර යෙදෙන පිරිමියෙකුට එම අවධානම අඩු බවයි.

මීට අමතරව ජිවන විලාසය සහ ආහාර රටාවද අනුව මෙහි වෙනසක් සිදු විය හැක.

මේ වනවිට මේ විශේෂඥ පිරිසගේ අවධානය යොමුව ඇත්තේ ස්වයං වින්දනයේ යෙදෙන්නන් සඳහා පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත පිළිකා ඇති නොවීමට බලපාන හේතුව සොයා බැලීම සඳහායි.

පිරිමින් අතර දක්නට ලැඛෙන පිළිකා වර්ග අතරින් පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත පිළිකාව ප්‍රධාන තැනක් ගනියි. වාර්තාවන්ට අනුව ඇමරිකාව තුල පමණක් වසරකට 40000ක් පමණ මෙම රෝගයට අලූ‍තින් ගොදුරු වේ. මෙම පිළිකා වර්ගය ඉතා සෙමෙන් වැඩෙන අතර මුත්‍රාමාර්ගයේ අපහසුතා වලදී හඳුනා ගැනීමට හැකියි.

උදරය ඉදිරියට නෙරා ඇවිත්ද? අඩු කර ගන්න විදිහ මෙන්න

උදරය ඉදිරියට නෙරා යෑම බොහෝ දෙනෙකු පවතින ගැටලුකාරී තත්වයක් බව පැහැදිළි කරුණකි. මෙම තත්වය මග හැරීම සඳහා අනිවාර්‍යයෙන්ම ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ව්‍යායාම වලට අමතරව මේ සදහා අනුගමනය කළ යුතු තවත් පුරුදු කිහිපයක් ගැන මෙම ලිපියෙන් අවධානය යොමු කරනවා.

1. දෙහි යුෂ වීදුරුවකින් දවස ආරම්භ කරන්න.
ඉදිරියට නෙරා ආ උදරය අඩු කර ගැනීමට අනුගමනය කළ යුතු වැදගත්ම පියවරක් ලෙස මෙය හැදින්විය හැකිය. උණුවතුර වීදුරුවකට දෙහි යුෂ ස්වල්පයක් මිරිකාගෙන එයට ලුණු ටිකක් එක් කරගෙන පානය කළ යුතු අතර මෙය දිනපතා සිදු කිරීම මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවන් වේගවත් වී අමතර මේදය දහනය වී ඉදිරියට නෙරා ආ උදරය ක්ෂය වී යනවා.

2. සුදු බත් ආහාරයෙන් වැලකෙන්න.
සුදු සහල් වලින් තැනූ බත් වෙනුවට රතු සහල් වලින් තැනූ බත් හෝ ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා.

3. සීනි සහිත ආහාරයන් පාලනය කරන්න.
සීනි අධික ආහර සහ පැණි රස බීම මෙන්මඅධික තෙල් සහිත ආහාරයන් ලබා ගැනීමද අවම කළ යුතු වෙනවා. එයට හේතු වන්නේ එම ආහර මගින් උදරය වැනි ප්‍රදේශ තුළ අමතර මේදය ගබඩා කිරීම සිදු කරන නිසා ය.

4. හැකි පමණ ජලය පානය කරන්න.
මෙලෙස හැකි පමණ ප්‍රමාණවත් තරම් ජලය පානය කළ විට අමතර මේදය පාලනය වීම මෙන්ම ශරීරයේ නිපදවෙන විශ ශරීරයෙන් බැහැර වී පරිවෘත්තිය වේගය ඉහළ යාමට ද හේතු වෙනවා.

5. අමු සුදු ළූණු අනුභවය කරන්න.
පළමු පියවරෙන් සදහන් කළ දෙහි යුෂ පානය කිරීමට පෙරඅමු සුදු ළූණු ස්වල්පයක් හැපීමට හැකි නම් මෙම ක්‍රියාවලිය දෙගුණ කිරීමට එය හේතු වෙනවා. මෙමගින් ශරීරයේ රුධිර සංසරණය මෘදු සහ වඩාත් කාර්‍යක්ෂම වෙනවා.

6. මස් මාංශ අනුභවය හැකි පමණ අඩු කිරීම.
අනවශ්‍ය මේදය දහනය කිරීමට නම් මස් මාංශ අනුභවය සැලකිය යුතු ලෙස අවම කළ යුතු ය.

7. දිනපතා එළවලු සහ පළතුරු අනුභවය කරන්න.
මෙමගින් ශරීරය ප්‍රතිඔක්සිකාරක, කණිජ සහ විටමින් වලින් පරිපූර්ණ කෙරෙනවා.

8. කුළුබඩු යෙදූ සැර ආහර අනුභව කරන්න.
කුරුදු, ඉගුරු සහ ගම්මිරිස් වැනි කුළුබඩු එකතු කළ ආහර අනුභවය මගින් රුධිරයේ ඉන්සියුලීන් මට්ටම වැඩි කර සීනි මට්ටම අඩු කිරීමට හේතු වෙනවා.

ඔබට මෙම රෝග ලක්ෂණ තිඛෙනවාද? එහෙනම් පරිස්සම් වෙන්න.

ගැහැණු ළමයි පාවිච්චි කරන භයානකම වචන 9 සහ ඒවායේ තේරුම්

1. හරි දැන් ඒක ඉවරයි - ගැටුමක අවසානයේදී යොදාගන්න අතර මෙසේ කීමෙන් පසු කොල්ලා කටපියා ගැනීම හොඳය.

2. විනාඩි පහක් දෙන්න - කෙල්ල ඇඳුම් අඳිනවානම් මේ කියන්නේ පැය බාගයක් ගැනය.කොල්ලාට ගෙදර කෑම උයන්න උදව්වෙන්න කලින් විනාඩි 5ක් මැච් එක බලන්න කිව්වා නම් ඒ කියන්නේ හරියටම විනාඩි 5ක් ගැනය.

3. ඕන එකක් කරගන්න - මෙය අවසර දීමක් ලෙස වැරදියට වටහාගන්න එපා. ඔය කියන්නේ කරන්න එපා කියාය.

4. හ්ම්ම් - මේක වචනයක් නෙවෙයි වගේ පෙනුනත් කෙල්ලන්ගේ භාශාවේ වචනයක්ය . මේකේ සද්දේ වැඩි නම් ඇය හිතන්නේ ඔබ මෝඩයෙක් කියාය. නිකන් බොරුවට ඔයත් එක්ක වාද කරන එකේ පලේ මොකක්ද කියල ඇය හිතනවාය. නිකන් කියන එකේ තේරුම සඳහා අංක 9 බලන්න.

5. කමක් නෑ - කෙල්ලෙක් කොල්ලෙක්ට කියන්න පුලුවන් අතිශය භයානය වචනයකි. මෙහි තේරුම ඔබ කරන්න යන වැඩෙට දෙන්න හොඳ දඬුවමක් හිතන්න ඇයත් සෑහෙන්න හිතල බලන්න ඕනෑ කියන එකය.

6. තැන්ක් යූ - සිරාවටම ඇය කියන්නේ තැන්ක්යූ කියාය, වෙල්කම් කීම හොඳය. හැබැයි තෑන්ක්ස් අ ලොට් කිව්වනම් ඒ කියන්නේ කිංඩියටය. එආකට වෙල්කම් කියන්න එපා, කිව්වොත් ඔයට අංක 7 වේවි.

7. කැමැත්තක් - කෙල්ල කියන්නේ ඕන මඟුලක් කරගන්නවා කියාය.

8. කරදර වෙන්න එපා - තවත් එක් භයානක කියමනකි. කොල්ලට යමක් කරන්න කියා කීප සැරයක් කියත් නොකර සිටීමෙන් පසු ඇයම ඒ දේ කරගන්න යනවාය. මේකට මොකක්ද ප්‍රශ්නේ කියල අහුවොත් අංක 4 උත්තර ලෙස ලැබෙනවාය.

9. නිකන් - මේක හරියට කුණාටුවකට පෙර සංසුන් වෙන මුහුද වගේය. මොකක් හරි ගිණිගෙඩියක් පුපුරන්න ළඟය. මේකෙන් පටන් ගෙන ඉවර වෙන්නේ අංක එකෙන්ය.

Monday, April 25, 2016

උපත් පාලනය කරන පැරණි ස්වාභාවික ක්රම

∎ පැරණි ස්වාභාවික උපත් පාලන ක්රමවලදී ආර්තව චක`යේ සරු හා නිසරු කාලයේ පෙන්වන ලක්ෂණ උපයෝගි කර ගනී.
1. කැලැන්ඩර් ක්රමය
2. මූලික දේහ උෂ්ණත්ව ක්රමය
3. ගැබ් ගෙල ස්රාවය මගින් සරු කාලය නිර්ණය කිරීම

කැලැන්ඩර් ක්රමය

∎ කැලැන්ඩර් ක්රමය අනුගමනයට පෙර කාන්තාව විසින් අවම වශයෙන් චක්ර හයකවත් චක්රයකට අයත් දින ගණන ගණනය කළ යුතුවේ.

∎ මාසික ශුද්ධිය පටන් ගන්නා දවස පළමු දිනය ලෙස ගනු ලැබේ.

සරු කාලය ගණනය කිරිම
• ප්රථමයෙන් එම කාන්තාවගේ කෙටිම ආර්තව චක්රයෙන් දින දහඅටක් අඩු කළ යුතු අතර දිගම ආර්තව චක්රයෙන් දින දහයක් අඩු කළ යුතුය.

• එවිට ලැබෙන මූල් අගය සරු කාලයේ පළමු දවස අතර දෙවන අගය සරු කාලයේ අවසාන දිනය වේ.

• මෙම කාලය තුළ සංසර්ගයෙන් වැළකි සිටීම කළ යුතුවේ.

සාර්ථක අසාර්ථක භාවය
සාමාන්යයෙන් 25% ක පමණ අසාර්ථක වේ.

දේහ උෂ්ණත්ව ක්රමය

∎ එහිදි ඒ සඳහා විශේෂිත වූ උෂ්ණත්වමාන භාවිතා කරනු ලැබේ.

∎ මෙහිදී උෂ්ණත්වමානය ඇඳ අසලම තිබිය යුතු අතර රාත්රීයේ නින්දට යාමට පෙර එය ගසා එහි උෂ්ණත්වය 35 ° c ට වඩා අඩු අගයක තිබිය යුතු වේ.
∎ උදේ අවදිවීමෙන් පසු ඇඳෙන් බැසිමට පෙර උෂ්ණතවය මැනිය යුතු වේ. උෂ්ණත්වමානය මුඛයේ තබා උෂ්ණත්වය මැනීම ප්රමාණවත් වේ.

∎ සෑම විටම එකම උෂ්ණත්වමානය භාවිතා කළ යුතු අතර උෂ්ණත්මානය බිඳී ගිය හොත් භාවිතයට අතිරේක උෂ්ණත්වමානයක් තිබිය යුතුවේ.

∎ එලෙස මැනගන්නා ලද උෂ්ණත්වය ප්රස්ථාරයක සටහන් කළ යුතු වේ.

∎ උෂ්ණත්වය සිරස් අක්ෂයටත් දින ගණන තිරස් අක්ෂයටත් ගෙන ප්රස්ථාරය අඳින අතර මාසික ශුද්ධිය පටන් ගන්නා දිනය පළමු දිනය ලෙස යොදා ගනී.

∎ එම මැනගන්නා උෂ්ණත්ව රේඛාවකින් යා කළ යුතු අතර අලුත් ආර්තව චක්රයක් සඳහා අලුත් ප්රස්ථාරයක් ඇඳිය ​​යුතුවේ.

∎ ඩිම්බ හරණයෙන් පසු උෂ්ණත්වය 0.2 ° c කින් පමණ වැඩිවන අතර එම වැඩිවීම අනිත් ආර්තව චක්රය පටන් ගන්නා තුරුම පවතී.

∎ ඩිම්බ හරණය වී ඇති ලෙස ගනු ලබන්නේ එක දිගට දින තුනක උෂ්ණත්ව ඊට පෙර ඇති දින හයක උෂ්ණත්ව වලට වඩා වැඩි අගයන් පෙන්වුවහොත් පමණි.

∎ එවිට නිසරු කාලය ලෙස ගනු ලබන්නේ එම උෂ්ණත්ව වැඩි වී දින තුනකට පසු සිට ඊළග ආර්තව චක්රය පටන්ගන්නා දින දක්වාය.

වාසි

∎ හෝමෝන හාවිතය නිසා සිදුවන අතුරු ආබාධ නොමැති වීම.

∎ මෙම ක්රමයෙන් ඉවත් වීමත් සමග ඉක්මනින්ම දරුවන් ලැබීමේ හැකියාව සාමාන්ය තත්ත්වයට පත් වීම.

අවාසි

∎ මෙය හාවිත කළ හැක්කේ ක්රමවත් ඔසප් චක්ර පවතින කාන්තවන්ට පමණි.
∎ සමාජ රෝගවලීන් ආරක්ෂාව නොලැබේ.
මවු කිරි පමණක් ලබා දීම

• මව් කිරි ලබා දීමේදී ප්රොලැක්ටින් ස්රාවය වැඩිවන අතර එමගින් ඩිම්බ මෝචනය සිදුවීම වැළකීමත් සිදු වේ. මෙම ක්රමය මවට මාස ශුද්ධිය ඇතිවන තෙක් බොහෝ දුරට සාර්ථක වන අතර ඉන්පසු ඇය විසින් වෙනත් උපත් පාලන ක්රමයක් භාවිතා කළ යුතු වේ.
• මෙම ක්රමය නිවැරදි ව භාවිත කරන්නේ නම් පළමු මාස ​​හය තුලදී නැවත ගර්භණි තත්වයට පත් වනුයේ 0.5% ක් වැනි සුලු පිරිසකටය. නමුත් මව් කිරි දීම සාර්ථක නොවීම හේතුවෙන් එය බොහෝ දුරට 2% දක්වා වැඩිවේ.
වාසි

∎ මෙම ක්රමය දරුවා බිහි වූ පසු සිටම ආරක්ෂාව සැපයීම සිදු කරයි.
∎ ප්රසූතියෙන් පසු මවගේ බර අඩු වීමටද උපකාර වේ.

අවසි

∎ නැවත සරු බවට පත් වන කාලය නිශ්චිතව දැන ගත නොහැකි වීම.
∎ මව එච්.අයි.වී ආසාදිතයකු නම් මෙම ක්රමය භාවිතා කිරීමට නොහැකි වීම.

ගැබ් ගෙල ස්රාවය මගින් සරු කාලය නිර්ණය කිරීම

• ආර්තව චක්රයේ මුල් කාලයේ ඊස්ට්රජන් වල බලපෑම හේතුවෙන් ගැබ්ගෙල ස්රාවය වීම වැඩිවන අතර එය එය ඇදෙන සුලු ස්වභාවයකට පත්වේ.

• ඩිම්බ හරණයෙන් පසු සිදු වන ප්රොජෙස්ටරෝන් වැඩි වීම හේතුවෙන් ගෑබ්ගෙල ස්රාවය අඩුවන අතර එය වියළි ස්වභාවයක් පෙන්වයි. මෙම තත්වය මාසික ශුද්ධිය වන තුරුම පවතී.

• ගැබ්ගෙල ස්රාවය අධික හා ඉතාමත් ඇදෙන සුලු තත්වයට පත් වී දවස් හතරකට පසු හා අනිත් ආර්තව චක්රයේ මාස ශූද්ධිය වන කාලය අතර කාලය ආරක්ෂිත කාලය ලෙස දැක්විය හැක.

Tag:
උපත් පාලනය කරන පැරණි ස්වාභාවික ක්රම Upath Palanaya sinhala
උපත් පාලනය කරන පැරණි ස්වාභාවික ක්රම Upath Palanaya sinhala කැලැන්ඩර් ක්රමය දේහ උෂ්ණත්ව ක්රමය ගැබ් ගෙල ස්රාවය

කාර්යබහුල ජීවිතයකට පවුල් සැලසුම් ක්රම


ඇය ගැන ඔහුගේ සිත ආදරයෙන් බැඳුණු පසු ඇයගෙන් පිටවෙන සෑම වචනයක්ම (අණක් වුවත්) ඔහුට මිහිරි මීපැණි බඳුය. ඒ තෙපුල් ඔහුගේ දවස මෙහෙය වන්නේ ඉර හඳ වගෙයි. එහෙත් විවාහයෙන් පසු දෙදෙනාම එක් වී ගතයුතු තීරණවලදී පවා අණ දෙන නිලධාරියා වන්නේ ඔහුයි. පවුලට අවශ්ය දරුවන් ගණන තීරණය කිරීම තමන්ගේ අයිතියක් පමණක් කියා සිතන සැමියන් කොපමණ නම් සිටිනවාද? එහෙත් එයින් අඳුරු වන්නේ දෙදෙනාගේ යුග ජීවිතයයි. වඩාත් අසරණ වන්නේ බිරියයි.නීති විරෝධී ගබ්සාවන් වැඩි ගණනක් සිදුකර ගන්නේ විවාහක කාන්තාවන්ය. සැලසුම් නො කළ ගැබ් ගැනීමක විත්තිකාරිය බිරිය බවට පත් කරන්නේ සැමියායි.

මෙසේ වන්නේ ඇයි?

ගැබ් ගැනීමක් සිදු වන්නේ කෙසේද? කවර කාලයක එක්වීමක් එයට බලපාවිද? එවැනි ගැබ් ගැනීම් වළක්වා ගන්නේ කෙසේද? කියා විවාහක ජෝඩු වැඩි ගණනකට අවබෝධයක් නැත.
දරුවකු බලාපොරොත්තු නො වන අවස්ථාවකදී ගත යුතු පවුල් සැලසුම් ක්රම රාශියක් අද ඇත. පවුල් සංවිධාන ක්රමයක් භාවිත කළත්, නිවැරැදි උපදෙස් පිළිපදිමින් ඒ ක්රමය භාවිත නො කිරීම තවත් වරදකි. සමහරු භාවිත කරන්නේ තමන්ට ගැළපෙන ක්රම නො වෙයි.
සැලසුම් නො කළ ගැබ් ගැනීමක් නිසා යුග දිවිය පඹ ගාලක පැටලෙයි.
දරුවා බිහි කිරීමට තීරණය කිරීම මෙහිදී යුවළකට ගතහැකි හොඳම තීරණයයි. එහෙත් වැඩි දෙනෙක් නීති විරෝධී ගබ්සාවන් කිරීමට පෙළඹෙති. මෙවැනි දරුවකු ඉපදුණත්, ඒ දරුවාට අනෙක් දරුවන්ට තරම් ආදරයක් මාපියන්ගෙන් නො ලැබෙන්නටත් ඉඩ ඇත.
සූදානමක් නොමැති ගැබ් ගැනීම මවගේ කායික, මානසික සෞඛ්යයට ඇති කරන්නේ යහපත් බලපෑමක් නො වෙයි. පියාගේ යහපත් මානසිකත්වයට වුණත් ඉන් වන්නේ අවැඩක්මයි.

පවුලක් නිවැරැදි ලෙස සැලසුම්කර ගැනීමේ ප්රතිලාභ මොනවාද?

අනවශ්ය දරු පිළිසිඳ ගැනීම් වළක්වා ගැනීමට හැකි වීම.
දරුවන් අතර පරතරයක් තබා ගත හැකිවීම. මෙයින් මවගේත්, දරුවාගේත් සෞඛ්යයට සැලසෙන්නේ විශාල වාසියකි. දරුවාගේත්, මවගේත් පෝෂණය, සෞඛ්ය ඉහළ නැංවෙයි.
අඩු වයසින් ගැබ් ගැනීමත්, වැඩි වයසින් ගැබ් ගැනීමත් වළක්වාගත හැකියි. එයත් මව, දරුවා යන දෙදෙනාටම ලැබෙන විශාල සෞඛ්යමය වාසියකි. |
ප්රජනක පද්ධතිය ආශ්රිත පිළිකා සෑදීම අවම කරගත හැකි වීම.
අලුත උපන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ සංඛ්යාව අවම කරගත හැකි වීම.


අවශ්යතාව මත ගැළපෙන පවුල් සැලසුම් ක්රමයක් තෝරා ගනිමු
පළමු දරු උපත ප්රමාද කිරීම සඳහා වඩාත් සුදුසු ගිලින පෙති හෝ කොන්ඩම්ය.
දරුවන් අතර පරතරය පවත්වා ගැනීම සඳහා ලූපය, හෝර්මෝන ක්රම, කොන්ඩම් ක්රම සුදුසුයි.
දරුවන් සංඛ්යාව සීමා කිරීමට ලූපය, හෝර්මෝන ක්රම, සැත්කම් ගැළපෙයි.
ස්වභාවික සහ සාම්ප්රදායික ක්රම කිසිසේත් විශ්වාසවන්ත නැත.
පවුල් සැලසුම් සේවාවන් ලබා ගත හැකි ස්ථාන මොනවාද?

1. සෞඛ්ය වෛද්ය නිලධාරී සායන (එම් ඕ එච්)
2. පවුල් සෞඛ්ය කාර්යාංශය (ෆැමිලි හෙල්ත් බියුරෝ), 231, ද සේරම් පෙදෙස කොළඹ 10. දු. අං: 0112681309, 0112681311, 0112696677
3. රජයේ රෝහල්වල පවත්වන පවුල් සංවිධාන සායන
* ප්රජනක සෞඛ්ය සායන / පවුල් සෞඛ්ය සායන
* පවුලේ වෛද්යවරයා
* පෞද්ගලික රෝහල්
* ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමය දු: අං: 0112554728, 0112584153, 0112584157

Tag:
කාර්යබහුල ජීවිතයකට පවුල් සැලසුම් ක්රම
Busy family planning upath palana krama
Busy family planning upath palanaya upath palana krama upath palana video upath palana kopu upath palana loop upath palana sinhala upath palana pethi sinhala sinhala upath palana upath palana

Thursday, February 11, 2016

මේ විශේෂ ගතිගුණ 9 ඇති කෙල්ලන්ව නම් කවදාවත් අත්හරින්න එපා


එක් කාලයකදී, දුර්ලභ අවස්ථාවකදී, අපිට අපි කැමතිම ජාතියේ girl කෙනෙක් මුණගැහෙන්න පුළුවන්.

එය බලපොරොත්තු රහිත මොහොතක, ජිවිතයේ අමාරුම මොහොතක වෙන්න
පුලුවන්.

එසේ පැමිණි ඇයට ඔබේ ජිවිතය සදහටම වෙනස් කරන්න පුලුවන්.


ඔබට ඔබ වඩාත්ම කැමති girl කෙනෙක් Meet වුනොත් මොකද කරන්නේ? ඔබ කොහොම හරි try කරලා එයාව ලග තියාගන්නනේ හදන්නේ.

ඇයට පහතින් ඇති ගතිගුණ සියල්ලම හෝ බොහොමයක් තියනවා නම් ඇය ඔබේම කරගන්න උත්සහා කරන්න.
(හැබැයි ඇයට ඇණයක් නම් වෙන්න යන්න එපා)

1. ඇය ඔබට වඩා Smart නම්..
සැම සාර්ථක පිරිමියෙකු පිටුපස සර්ථක ගැහැනියක් සිටින බව අපි කව්රුත් අහලා තියෙනවනේ. ඒ කතාව සම්පුර්ණ ඇත්ත. සාර්ථක ගැහැනික් තමා පිටුපසින් සිටින විට පිරිමියෙකුගේ ජිවිතයට අරමුණක් ලැබේ. ඔහුට ගමන් කල යුතු දිශාවක් මගපෙන්වීමක් ලැබේ. පුළුල්ව සිතන බුද්ධිමත් කාන්තාවක් නම්, ඇය Smart ය. අධ්‍යාපන සුදසු කම් වලින් කෙනෙකු Smart ද නැද්ද යන්න තීරණය කල නොහැක.

2. ඇය ලස්සනයි නම්..
ලස්සන යනු සාපේක්ෂ දෙයකි. සමහරුන්ට ලස්සන දෙය තවත් සමහරුන්ට ලස්සන නැත. ඔබේ ඇස් දෙකට ඇය ලස්සන නම් එපමණයි. මෙහිදි ලස්සන යන්නට බහිර හා අභ්‍යන්තර ලස්සන යන දෙකම කියාපායි. කාන්තාවක්/යුවතියක් වුනාම හොදින් ඇඳ පැලදගෙන පිළිවෙලකට සිටිනවා නම් ඕනැම පිරිමියක් කැමතිය. එවගේම, තැනට ඔබින විදියට අඳිනවා නම් වඩාත් හොදය. කාන්තාවකගේ අකාර්ෂනය වැඩි වන්නේ ඇය සතුව ඇති ආකල්පය. ඇය ධනාත්ම ආකල්ප වලින් යුත් නිහතමානි තැනත්තියක් නම් ඇය ඔබේ කරගන්න උත්සහකරන්න.

3. ඇය කරුණාවන්ත නම්..
හොද මිනිසුන් සැමවිටම කරුණාවන්ත මිනිසුන්ය. කාන්තාවක් කරුණාවන්ත නැත්නම් කතා දෙකක් නැත, ඇයව ඔබේ ජිවිතයට ලංකරගන්න එපා.

4. ඇය උද්යෝගිමත් නම්..
ජිවිතය බොහො කාලවලදී අපි අමාරුවෙන් ගත කරන්නේ. විවිධ වු කරදර බාධක පැමිණෙනවා. සමහර කාලවලදී ජිවිතය හරිම boring , එකාකරියි. නමුත්, උද්යෝගිමත් කාන්තාවකට පුලුවන් ජිවිතයට කරදර ගෙනෙන අවස්ථාවකදී වුවද තම සැමියාව සතුටින් තබන්න. තම දරුවන් හොදින් බලාගන්න. ඇයට පුළුවන් boring life එකකට ජිවය දෙන්න, වෙනසකට පවුල මෙහෙයවන්න.

5. ඇය ඔබට මුළු හදවතින්ම ආලය කරයි නම්..
කාන්තාවක පිරිමියෙකුට ආදරය කරයි නම් ඇය එය ඇයගේ මුළු ආත්මයෙන්ම ඔහුට ආදරය කරයි. පිරිමි අයට නම් එච්චරට ආදරය කරන්නට බැරිය. ඒ පිරිමින්ගේ හැටිය. කාන්තාවන්ට ගුප්තමය හැකියාවක් තිඛෙනවා ඇය ආදරය කරන කෙනා වෙනුවෙන් කැපවෙන්න. ඔබට හදවතින්ම ආලය කරන කාන්තවක් යනු ඔබට මේ මුළු විශ්වයේම තිඛෙන වටිනාම තැග්ගයි.

6. ඇය මධ්‍යස්ථ නම්..
අපි හැමොටම අනන්‍ය වු දේවල් පවති. සහකරුවන් එකිනෙකා තම තමන් ගැන තේරුම් ගන්නේනම් ඔවුන්ගේ ජිවිතය සාර්ථක කරගත හැක. සැමදේකදීම කලබල නොවී මුරන්ඩු නොවී මධ්‍යස්ථව වැඩ කරන්න පුළුවන් කාන්තාවකට ඉතා හොදය. සාර්ථක යුග දිවියක 50% සම්පුර්ණය. ඉතිරි 50% සම්පුර්ණ කරගැනීම පිරිමින්ගේ මධ්‍යස්ථභාවයත් වැදගත්ය.

7. ඇය ඔබට ඔබගේ වැරදි පෙන්වා දෙනවා නම්..
බොහොවිට පිරිමි අපෙගේ වැරදි අපට පෙන්නේ නැත. තමා කරන හැම වැඩකටම ඔලුව වනනවා වෙනුවට පිරිමියා කරන වැරදි කාරුණිකව පෙන්වාදෙන්නට කාන්තවකට හැකිනම් ඇයව අහිමි කරගන්නට එපා.

8. ඇය ශක්තිමත් නම්..
ශක්තිමත් කාන්තාවක් සිටින විට පිරිමින් ඕනැම අභියොගයකට මුහුණදීමට බය නැත. හැමවිටම තමන් ආදරය කරන කෙනා ශක්තියක් වී තමන්ගේ පිටුපසින් සිටීනම් එම පිරිමියා වසනාවන්තය. ශක්තිමත් වීම යනු රෞද්‍ර බව නපුරු බව නොවේ.

9. ඇය ඔබට සරාගීනම්..
ආදරය හා සරාගිබව කාන්තාවකට තිබේ නම් ඔබ ඉතා වසනාවන්තය. ඇය ඔබව නිදියහනේදි සතුටු කරනු ඇත. ආදර වදන් වලින් ඔබට සැනසීම ගෙනෙනු ඇත. ඇයව අත්නොහරින්